පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ජී.ජී. සිරිවර්ධන

වගුරුවෙල මහ  විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. 

අතීතයේ සිට අද දක්වා පැමිණි මග හොදින් අධ්‍යනය  කිරීම තුලින් අනාගත ඉලක්කයන් මොනවාද යන්න තීරණය  කිරීම අපට පහසු විය. විශේෂයෙන්ම භෞතීක සම්පත් සංවර්ධනයට වඩා සිසුන්ගේ සංවර්ධනය ඉලක්ක කර විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු යැයි අපගේ හැඟීමයි.ඒ යටතේ,

 

  • ගුරු සංවර්ධනයට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ශිෂ්‍ය ප්‍රතිඵල ඉහළ නන්වා ගැනීමට කටයුතු කිරීම
  • අධ්‍යාපන සම්මන්ත්‍රණය , මනෝ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • සිසුන්ගේ සෞන්දර්යමය හැකියාවන් වැඩි දියුණු කිරීම
  • සිසුන්ගේ පරිඝණක සාක්ෂරතාව ඉහල නැන්වීම
  • ඉංග්‍රීසි ,දෙමළ භාෂා හැකියාව වැඩි දියුණු කිරීම
  • ගුරු ඌනතා සම්පූර්ණ කර ගැනීම
  • චෙස් කැරම් වැනි ක්‍රීඩා ආරම්භ කිරීම
  • සිසුනට මාර්ගෝපදේශකත්ව සහ උපදේශන ලබාදීමට ඒකකයක් නිර්මාණය කිරීම

මීට අමතරව 

  • භෞතික සම්පත් වැඩිදියුණු කර ගැනීම
  • පාසල් ශාලා සහ කැසිකිළි පහසුකම් සංවර්ධනය කිරිම

අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

 

 

ජී.ජී. සිරිවර්ධන
විදුහල්පති
මො/වගුරුවෙල මහ විදුහල.