නිර්මාතෘවරු

පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුබිම ආරම්භ කිරීමට මූලිකත්වය ගත් පිරිසගේ ප්‍රකාශයන්

 

එච්.එම්.තිසාහාමි

පන්සල පාර

වගුරුවෙල

 ඒ වෙනකොට මගෙ වයස අවුරුදු  27 යි. මම පාසලේ 8ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා පාසලින් බහැර වූ පසුව ගමේ පොදු වැඩ වලට මූලිකත්වය දෙමින් කටයුතු කලා. ඒ වෙනකොට ගමේ පවුල් 100-110 ක් විතර හිටියා. උළු සෙවිලි  කල එක ගෙයක්වත් නෑ. ඔක්කොම ගෙවල් පිදුරු හෝ ඉලුක් වහල තිබුනේ. ගමේ කිසිම රාජ්‍ය අයතනයක් ,සමිතියක්, ප්න්සලක් ආදී කිසිවක් තිබුනේ නෑ. වගුරුවෙල පන්සලත් ගරා වැටිලා කැලෑවට ගිහින් තිබුණා. අපි කොල්ලෝ 4-5 ක් එකතු වෙලා බඩල්කුඹුරේ හාමුදුරුවන්ට කියලා කොහොම  හරි වසන්ත හාමුදුරුවෝ අපේ ගමට වඩම්වා ගත්තා. ඒ කලේ ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවලා ඒ හරහා තමයි අපි පාසලක් ගැන උනන්දුවක් උනේ. ගමේ මොනවා නැතත් ළමයින්ට ඉගෙන ගන්න තැනක් තියෙන්න එපෑය. කටු මැටි ගහලා හදපු ඒ ආවාස ගෙය හාමුදුරුවෝ පාසලට පරිත්‍යාග කලේ ලොකු බලාපොරොත්තුවකින්.

ඒ බලාපොරොත්තුව අද මල්ඵල ගැන්විලා. එදා කරුනායක මහත්තයා දකුණේ කෙනෙක් විදියට ඇවිත් මේ පාසල ආරම්භ කල නිසා ද මන්දා වැඩි පිරිසක් මේකේ හිටියේ දකුණේ අය. හැබැයි ඒ අය ආවට දුෂ්කරයි කියලා ඉක්මනට යන්න ගියා. දැන් එහෙම නෑ. කොහොම හරි දැන් වසර 10-15 කාලයක ඉ|ලා පාසලේ වේගවත් දියුණුවක් දකින්න පුලුවන්. ඒ ගැන ඉතින් අපිට හරිම සතුටුයි ' 

මෙම තොරතුරු මෙම මහතා ජීවත්ව සිටි කාලයේ ප්‍රකාශ කරන ලද්දකි. පාසල පිළිබඳ ඉතිහාස තොරතුරු සටහන් කල පොතකින් උපුටා ගන්නා ලද්දකි.

 

 

කේ.එම්.මුතුබණ්ඩා මයා

පන්සල පාර

වගුරුවෙල

බුත්තල

 ඒ වෙනකොට මගේ වයස අවුරුදු 25යි. මම බුත්තල ඉස්කෝලේ (දුටුගැමුණු ජාතික පාසල) 7 ශ්‍රේණියට වෙනකම් ගියා. ඊට පස්සේ පාසල් ගමන නතර වුනා. තාත්තා මැරුණ නිසා අපේ අක්කා කෙනෙක් වගුරුවෙලට බැදලා හිටියා. ඒ නිස උපන් ගම වන අලුත්වෙල ඉදලා අලුතින් වගුරුවෙල පදිංචියට ආවා. පදිංචිය වෙනස් කරන්න හේතුව හේන් ගොවිතැන් කරන්න හො| වටපිටාවක් තිබුණ නිසා ' ඒ වෙනකොට වගුරුවෙල  ගමේ පවුල් දැන් වගුරුවෙල කෝන්කැටිය යන ග්‍රාමසේවා වසම් හා යටියල්ලාතොට කොටසක් වගුරුවෙ,ට අයත් වෙලා තිබුණා. පවුල්100-110 විතර ජීවත් වුනා. පාසල තියෙන හරියේ අලි ඉන්න කැලේ කටු අකුල් පල්ලෙන් රින්ගලා බුත්තලට ගිහින් එන්න දවසක්ම ගත වෙනවා. මේ නිසා ගමේ ගෑනු ළමයි කවුරුත් පාසල් ගියේ නෑ. ඉතින් අපි ඒ කාලේ හැටියට ගමට පාසලක අවශ්‍යතාවය තදින්ම දැනුණා. ඉතින් ධම්මානන්ද හාමුදුරුවෝත් හවුල් කරගෙන උන්නාන්සේගේ අනුශාසනා මත මේ පාසල ආරම්භ කලා. මම ග්‍රාම සංවර්ධන සම්තියේ ආරම්භයේ සිට වසර 17ක්  පමණ ලේකම් ලෙස කටයුතු කලා' .මේ නිසා මට ලේකම් මුත්තා කියලා නමක් පට බැඳුණා.ලේකම් ලෙස පාසල ආරම්භ කරන්න අවශ්‍ය සියලුම ලිපි ලේඛන මගේ අතින්ම තමයි මම ලිවුවේ' හැබැයි හාමුදුරුවන්ගේ උපදෙස් පිට. ඒ ව්දියට තමයි පාසල,පන්සලේ ධර්ම ශාලව ඇතුලේ ආරම්භ වුනේ' අතිතයේ පොඩි ප්‍රශ්නයක් පාසලට බලපෑ උඩරට පහතරට භේදය  ඒ ප්‍රශ්නය වැඩිපුර ගුරුවරු දකුණෙන් ආවේ .දකුණෙන් ආපු අය උනත් මෙහේ අය ඒ අයට යටත් වෙලා ඉන්න කැමති වුනේ නෑ. ඒ නිසා ඒ අයට නොbන්න තැනට මෙහේ අය කටයුතු කලා. ගුරුවරු විදියට ආපු ඒ අය ටික කලකින් යන්න ගියා. දැන් එහෙම නෑ. මට ළමයි 11ක් ඉන්නවා. ඒ ළමයි සියලු දෙනාම ඉගෙන ගත්තේ මේ පාසලේ. ඉතින් මට හරි සතුටුයි ' මේ තත්ත්වයට අපි හදපු පාසල එයි කියලා හීනයකින්වත් මම නම් හිතුවේ නෑ. කඳුළු පිසදවමින් කීවේ ඉතා හැගුම්බරවයි. දැන් ඉතින් පාසලට අවශ්‍ය කරන බොහෝ දේ නොමිලේ ලැබෙනවනේ. ඉතින් දැන් ළමයින්ට තියෙන්නෙ ඉගෙන ගන්න එක විතරයිනේ' 

මෙම තොරතුරු මෙම මහතා ජීවත්ව සිටි කාලයේ ප්‍රකාශ කරන ලද්දකි.පාසල පිළිබඳ ඉතිහාස තොරතුරු සටහන් කල පොතකින් උපුටා ගන්නා ලද්දකි.

 

පාසල සාදන්නට මුල් වූවෝ

 

  • පූජ්‍ය පාද බඩල්කුඹුරේ ධම්මානන්ද හිමි
  • කේ.එච්.මුතුබණ්ඩා මයා
  • එච්.එම්.තිසාහාමි මයා
  • ඩි.එම්'.ගන්ඇතිගේ මයා
  • එච්.එම්.ටී.බණ්ඩාර මයා
  • ජෝන් අප්පුහාමි මයා
  • ආර්.පී.බබානිස් මයා
  • ඩිංගි මහත්මා