නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
වී.එම්.සුජිත් රෝහණ මයා
නගරයෙන් තරමක් දුරස්ථවු ගැමි පරිසරයක පිහිටි පාසලකි මො/වගුරුවෙල මහ විදුහල.අප විද්‍යාලයට පැමිණෙන බොහෝ දුවා දරුවන්ගේ දෙමාපියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැන වන අතර ගම්මාන වශයෙන් ගත් විට විවිධ ප්‍රදේශ වලින් පැමිණ පදිංචි ජන කණ්ඩායම් මෙන්ම පාරම්පරික ජන කණ්ඩායම් වලින් යුක්ත මෙම ප්‍රදේශයේ ළමුන්ගේ විභව්‍යතාවයන් රාශියක් දක්නට ලැබේ.
විවිධ දක්ෂතා වලින් යුත් දරු පිරිසක් මෙම පාසලේ සිටින අතර චිත්‍ර, නැටුම්, සංගීත හා ක්‍රීඩා වැනි වෂය සමගාමී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ මේ සඳහා නිදසුන් සපයයි. එමෙන්ම අධ්‍යාපන මට්ටම් අතින් ගත් විට 5 ශ්‍රේණිය , අ.පො.ස. සා.පෙළ , උසස් පෙළ ප්‍රතිඵල ඉතා ඉහළ මට්ටමක පවතින අතර එතුළින් බිහි වූ විශාල පිරිසක් උසස් රැකියා වල නියලෙමින් වර්තමාන පාසලේ සම්පත් දායකයින් හා සුබ පතන්නන් ලෙස විශාල මෙහෙයක් ඉටු කරයි.
වී.එම්.සුජිත් රෝහණ මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/වගුරුවෙල මහ විදුහල.






