සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
දශක හයකට පමණ පෙර වගුරුවෙල ගමේ ප්‍රභූන් පිරිසක් හා ගම්වැසියන් ගමේ පන්සලේ ධර්ම ශාලාවට ගොඩ වැදුනේ දහසක් බලාපොරොත්තු හද තුළ රඳවාගෙනය. එදා ගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගරු කටයුතු අපේ බඩල්කුඹුරේ ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පිරිස සාකච්ඡා කළේ ගමේ ප්‍රධාන අවශ්‍යතාවය වූ පාසලක අවශ්‍යතාවයයි.
ඒ අනුව එදින අදාළ ආයතන වලින් ඉල්ලීමක් කිරීමට කතිකා කර ගත්හ. එම ඉල්ලීමට අනුව අදාළ බලධාරීන් ප්‍රකාශ කළේ පාසල ආරම්භ කිරීමට ගුරුවරයෙකු සොයා ගන්නේ නම් අදාළ අවසරය ලබා දිය හැකි බවයි. එම දැන්වීමට අනුව අපේ හාමුදුරුවන් ප්‍රම්‍රඛ පිරිස ඒ පිළිබඳව උත්සුකව කටයුතු කරන අතරේ ගාල්ල ඩබ්.කරුනායක නම් ගුරුතුමා ඔවුනට මුණ ගැසුණහ.
ඔහුගේ කැමැත්ත ලබා ගෙන ඒ ගැන අදාළ බලධාරීන්ට දැන් වූ පසුව පාසල ආරම්භ කරන්නට තැනක් නොමැති වීමෙන් තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට අදාළ කණ්ඩායමට සිදු විය. එහිදී දෙපාරක් නොසිතා තම ආවාස ගෙය සහිත කටුමැටි ගසා ඉලුක් සෙවිලි කළ ධර්ම ශාලාව ඒ් සඳහා පරිත්‍යාග කිරීමට ගරු කටයුතු අපේ හාමුදුරුවෝ ඉදිරිපත් වූහ. එලෙස පැවති බාධකයන් සියල්ල ජය ගනිමින් බුත්තල කොට්ඨාසයේ තවත් එක් විදුබිමක් ලෙස වගුරුවෙල කනිටු විදුහල නමින් පින් බිමක් ආරම්භ කරන ලදි.
වර්ෂ 2014 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 57ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 04කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "එකතු වෙමු වැඩ කරමු හදමු පිරිපුන් මිනිසෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1953-02-21 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
07 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.කරුනායක මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
බඩල්කුඹුරේ ධම්මානන්ද හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/වගුරුවෙල මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩබ්.කරුනායක මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
බුත්තල වගුරුවෙල පන්සලේ ධර්ම ශාලාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එම්.එච්.එම්.රණසිංහ මයා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ඩබ්.එම්.කරුණාවති |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1953-02-21 දින |






